• Ada Derana BIZ Sinhala
  • investors
  • invited
  • Mattala
  • sri lanka

මත්තලට එන්නැයි ආයෝජකයින්ට ආරාධනා

January, 10, 2023

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්‍යාපාරික අවස්ථාවන්ද ක්‍රියාත්මක කරමින් බහුකාර්ය ව්‍යාපාරිත මධ්‍යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී.

එබැවින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ගගන- යාත්‍රික සහ ගගන - යාත්‍රික නොවන ව්‍යාපාරයන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්කොටුපොළ තුළ සිදුකිරීම සඳහා සෘජු සහ වක්‍ර වශයෙන් ගුවන්සේවා ආශ්‍රිත ව්‍යවසායන් හි නියුත් ආයෝජකයින්ගෙන් සහ ක්‍රමෝපායික ව්‍යවසායකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරඅිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.