January, 10, 2023
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ලිහිල්කරණය හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම
1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීති ගත සංස්ථා පනත සහ ඊට ආනුෂංගික සංශෝධිත විධිවිධාන මඟින් ලිහිසි තෙල් කර්මාන්තය සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත නව අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සහ ඊට අනුරූපව බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයාට බලය ලබා දී තිබේ.
ඒ අනුව ඛනිජ තෙල් වෙළෙඳපොළ පූර්ණ වශයෙන් විවෘත කර ඇත.
මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඇතුළත්ව බලපත්‍රලාභී ආයතන 26ක් මෙරට ලිහිසි තෙල් කර්මාන්තයේ නියැලී සිටියි.
පාරිභෝගිකයින්හට වඩාත් තරගකාරී මිලකට ලිහිසි තෙල් මිල දී ගැනීමට අවස්ථාව හිමි වන පරිදි ගුණාත්මක බවින් ඉහළ, නව්‍ය හා තරගකාරීත්වයෙන් යුත් නිෂ්පාදන මෙරට වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළට නව ප්‍රවේශයක් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ඉල්ලා සිටීමේ අයදුම්පත් කැඳවීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story