January, 10, 2023
හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනාගනු ලැබ ඇත.
එකී ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීම පිණිස විවිධ පාර්ශවයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි.
ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ නිවේදන නිකුත් කිරීමට සහ ඒ අතුරින් මූලික සුදුසුකම් සපුරනු පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඡායාරූපය - සපුගස්කන්ද තෙල් පිරිපහදුව
Video Story