January, 10, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
“මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරන ගන්න බදු මුදල්වලින්. මහජනතාව මත විශාල පීඩනයක් බදුවලින් පැනවෙලා තියෙනවා. ඒ බදු ගෙවන ජනතාවගෙන් ලබාගන්න පුළුවන් උපරිමයට වඩා වියදම් ප්‍රමාණය දිගින් දිගටම වැඩියි. කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඉතිහාසයේ කොහොමද එහෙම වියදම් දැරුවේ කියලා. ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම ඒ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා.“
“අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ, දිගින් දිගටම සියලු වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරා ගත්තේ සල්ලි අච්චු ගහලා.“
“දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගැසීම කරන්න දෙන්නේම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධවෙලා තියෙන්නේ.“
Video Story