• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ ඉහළට

January, 17, 2023

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය.

මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා 3.14% ක වර්ධනයකි.

රු. බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

අද දින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 192.50 ක් දක්වා රු. 20.50 කින් හෙවත් 11.92% ක වර්ධනයක් අද දින වාර්තා කර තිබුණි.

දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් ලැබී තිබුණු අතර එය රු. මිලියන 246.11 කි. මීට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් (රු. මිලියන 168.22), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 152.43), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 119.62) හා LOLC ෆිනෑන්ස් (රු. මිලියන 112.44) අද දිනයේ දී රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා කළ සෙසු සමාගම් වේ.