• Ada Derana BIZ Sinhala
  • drop
  • interest rates
  • sri lanka

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

January, 19, 2023

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබේ.

වෙන්දේසිය සඳහා රු. මිලියන 95,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ලැබී ඇති ලංසු ප්‍රමාණය රු. මිලියන 194,771 කි.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමාන වන අයුරින් ලැබී තිබුණු ලංසුවලින් රු. මිලියන 95,000 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියරව ගෙන තිබුණි.