ශ්‍රී ලංකාව සහ Global Green Growth Institute අතර ගිවිසුමක්

    January, 19, 2023

    එක්සත් ජාතීන්ගේ රියෝ+20 සමුළුවේදී පාර්ශ්වකාර රාජ්‍යයන්ගේ එකඟතාවයෙන් අන්තර් රාජ්‍ය සංවිධානයක් වශයෙන් 2012 වර්ෂයේදී ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute) ස්ථාපිත කරනු ලැබ ඇත.
    සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත වර්ධන උපායමාර්ග ප්‍රවර්ධනය කිරීමට සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් හරිත වර්ධන සැලසුම් සකස් කිරීම හා ඒ සඳහා සහාය ලබා දීම එම ආයතනය පිහිටුවීමේ අරමුණ වේ.
    පුනර්ජනනීය බලශක්තිය, හරිත නගර, හා තිරසර භූ දර්ශන (Sustainable Landscapes) යන ප්‍රධාන තේමාවන් ඔස්සේ එම ආයතනය විසින් කටයුතු කරනු ලබයි.
    ඒ අනුව අදාළ ගිවිසුමට අත්සන් තැබීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.