January, 24, 2023
ශ්‍රී ලංකාවේ විශාලතම වරාය වන කොළඹ වරාය, දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය ද වේ. කොළඹ වරාය සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික වරාය ප්‍රධාන සැලැස්මේ එක් මූලික ක්‍රමෝපායික අරමුණකි. කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශය යන සේවා සැපයුම් ප්‍රදේශ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දියුණු කළ හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ආයෝජනයක් සහිතව යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලු පර්යන්ත (CICT) සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් විසින් ඇගයීමට ලක් කර ඇත.
එකී සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව යෝජිතක ව්‍යාපෘතිය චයිනා මර්චන්ට් පෝට් සමාගම (CM Port), කොළඹ ජාත්‍යන්තර බහාලු පර්යන්ත (CICT) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story