January, 25, 2023
මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය.
මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැදියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිඳු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වැඩිදියුණු විය. මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වර්ධනයට හේතු විය.
ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම මෙන්ම නිල ණය හිමියන්ගෙන් ලැබීමට අපේක්ෂිත "මූල්‍ය සහතික" මත ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් රාජ්‍ය සුරකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමගින් රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් පවතින ඉහළ අවදානම් පහළ යෑම පිළිබිඹු කෙරේ.
මේ අතර, ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතා ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, දැඩි මුදල් තත්ත්වය සහ ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑමට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය අඛණ්ඩව පහළ ගියේය. අඩු වේගයකින් වුවද, මුදල් ප්‍රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණයේ මේ පිළිබඳව සඳහන් වේ.
Video Story