January, 26, 2023
මෙම වසරේ ජනවාරි 01 දින සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉන්ධන ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇතැයි වාර්තා වේ. මේ සම්න්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙන බවත්, යම් අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ් වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත්ය.
පසුගිය කාලයේ මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීල සංචිතය ඉතාමත්ම අඩු මට්ටමක තියෙන කාලයේ දී විශාල පෝලිම් තියෙන කොට අපේ ක්‍රමවේදයක් තිබුණා බැංකුවලින් Export proceedings 25% ක් අපට අරගෙන එක අත්‍යාවශ්‍ය දේවල්වලට පමණක් යොමුකරන්න. ඊට අමතරව බැංකුවලට අපි කියලා තිබ්බා අත්‍යාවශ්‍ය සේවාවලට පුළුවන් තරම් ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ ක්‍රමය තමයි පහුගිය කාලේ තුළ ක්‍රියාත්මක වුණේ. දෙසැම්බර් මාසයේ විතර ඉඳලා අපි දැක්කා.
අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය කෙලින්ම ඒ අත්‍යාවශ්‍ය දේවල්වලට දීම වෙනුවට අපි කියලා තියෙනවා CPC එකට ගෑස්වලට ෆාමසිටියුකල්ස්වලට පුළුවන් තරම් බැංකුවල දැන් වැඩිපුර තියෙනවා, ඒවා ලබාගන්න කියලා. එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපි, අපේ තියෙන ඒවායින් දෙන්නං කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය. ජනවාරි මාසයේ ඉඳලා ඇත්තවශයෙන්ම අපි බැලුවොත් දෙසැම්බර් සමහ ජනවාරි මේ කාලය තුළ අපේ සංචිතවලින් සන්සන්දනය කරන කොට ඒ දීලා තියෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා. මොකද හේතුවෙලා තියෙන්නේ බැංකුවලින් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒ ප්‍රමාණය.
එතකොට අපේ වගකීම තියෙන්නේ යම්කිසි ආකාරයක අත්‍යාවශ්‍ය දේවල්වලට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමය තුළ සොයා ගන්න නොහැකි නම් එතකොට අපි යම්කිසි ආකාරයකට මැදිහත් වෙලා අත්‍යාවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න අපේ වගකීමක් තියෙනවා. අපි ඒක දිගටම කරගෙන යනවා. ඒක තමයි ඉස්සරහට වුණත් කරගෙන යන්නේ. දැන් පේන විදියට විදේශ විනිමය පැත්තෙන් ලොකු හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ.
දැන් රෙමිටන්සස් දැකකනේ ගිය මාසේ මිලියන 100ක් වැඩිපුර ආවා, කලින් මාසෙට වැඩිය. මේ මාසෙත් සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවා. එක්ස්පෝර්ට් වුණත් වන් බිලියන් වගේ ප්‍රමාණයට එනවා. ඒ ප්‍රමාණය ඇවිල්ලා කන්වර්ට් කරලා තියෙන කොට මාකට් එකේ සල්ලි තියෙනවා. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ අපි ගෙන යන ක්‍රමවේදය රටේ සියලුම කටයුතු කරගෙන යන්න යම්කිසි ආකාරයකට පහසුකම් සැලසීමට කළමනාකරණය කිරීම බැංකු ක්‍රමය තුළින් හෝ අපෙන්, ඒ දෙකම කරගෙන යනවා.
Video Story