LOLC හෝල්ඩිංග්ස්, ඇග්ස්ටාර් කොටස් අයිතිය අත්හරී

    January, 26, 2023

    ඇග්ස්ටාර් පීඑල්සී හි දෙවන විශාලතම කොටස් හිමියා වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය කොටස් හිමිකාරීත්වය සම්පූර්ණ වශයෙන් විකුණා දැමූ බව නිවේදනය කර සිටී.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LOLC හෝල්ඩිංග්ස් වැඩිදුරටත් පවසන්නේ 2022.12.16 සහ 2023.01.25 කාලපරිච්ඡේදය තුළ දී තමන් සතුව පැවති ඇග්ස්ටාර් පීඑල්සී හි කොටස් 90,256,750 ක් රු. 15.00 ත් රු. 17.50 ත් අතර මිල ගණන්වලට වරින් වර අලෙවි කරනු ලැබ ඇති බවයි. එය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 19.56% කි.

    කෙසේවෙතත් LOLC සමූහයේ සමාගම් කිහිපයක් සාමූහිකව ඇග්ස්ටාර් පීඑල්සී හි ඡන්ද බලය හිමි කොටස් 269,431,961 (58.41%) කට සහ නිෂ්ඡන්ද කොටස් 17,471,014 (66.66%) කට තවදුරටත් හිමිකම් කියනු ඇත.