January, 30, 2023
සිය කොටස් මිල ගණන් කෘතිම ලෙස හැසිරවීම සහ ගිණුම්කරණ වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පදනම් කරගත් Hindenburg Research විසින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවෙන් පසු අදානි සමූහයේ කොටස් මිල ගණන් මේ වන විට සීඝ්‍ර පරිහානියක් වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දින තුනක් ඇතුළත අදානි සමූහයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 66 කින් අඩු වී ඇති බවයි.
කෙසේවෙතත් මෙම පසුබිම තුළ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් රැසකම මුල් පිටු ආවරණය වන පරිදි දැන්වීම් පළ කිරීමට (front page ads) අදානි සමූහය කටයුතු කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙන කරුණක් වේ.
The Indian Express, The Hindu සහ The Times of India යන පුවත්පත් වල මුල් පිටු පසුගිය ජනවාරි 28 වෙනිදා ඉංග්‍රීසි මාධ්‍ය පූර්ණ පිටු (full page) දැන්වීමක් මගින් වැසී ගොස් තිබුණු අතර Maharashtra Times හි එම දැන්වීම මරාති භාෂාවෙන් පළ කර තිබුණි.
අදානි සමූහයේ සමාගම්වල මෙම දැවැන්ත කොටස් මිල පහළ යාම් හමුවේ මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ තෙවැනි තැන සිටි ගෞතම් අදානි මේ වන විට 7 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.

Video Story