රු. බිලියන 120 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

    February, 1, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (01) දිනයේ දී රු. මිලියන 120,000 ක හෙවත් රු. බිලියන 120 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

    මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් සඳහා පිළිවෙලින් රු. මිලියන 60,000 ක්, රු. මිලියන 30,000 ක් සහ රු. මිලියන 30,000 ක් බැගින් වන පරිදි බිල්පත් ප්‍රමාණයන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇත.

    මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබනු අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.