• වීඩියෝ

2022 අපනයන ආදායම වැඩි වුණේ මෙහෙමයි

February, 1, 2023

2022 වසරේ අපනයන ආදායම, 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9ක ඉහළ යෑමක් වාර්තා කරමින්, ප්‍රථම වරට එක්සත් ජනපද ඩොලර් බිලයන 13 ඉක්මවා ගියේය.

මෙම වර්ධනය සඳහා ඇඟලුම්, මැණික, දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළු කාර්මික අපනයන ආදායම ඉහළ යෑම හේතුවිය.

මේ අතර 2022 වසරේ සමස්ත අනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 11.4ක පහළ යෑමක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 18,291ක් වූ අතර, මේ සඳහා හදිසි නොවන ආනයන සීමා කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ 2022 වසරේ වැඩි කාලයක් වෙළෙඳපොළ තුළ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා ගැටළු හේතුවිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වසරේ වෙළෙඳ ගිණුමේ හිඟය 2021 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 8,139 සිට 2010 වසරේ වසරේ සිට වාර්තා වූ අවම අගය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 5,185 දක්වා පහළ ගියේය.

වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟයෙහි පහළ යෑම සඳහා බලපෑ ප්‍රධාන අයිතම පහතින් දැක්වේ.