75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් මහ බැංකුවෙන් රු. 1,000 ක සමරු කාසියක්

    February, 2, 2023

    2023.02.04 දිනට යෙදෙන 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000 ක වටිනාකමින් යුත් සංසරණය සඳහා නොයෙදූ සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ. මෙම කාසිය පිළිබඳ විස්තර සහ පිරිවිතර පහත දැක්වේ.

    75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.