February, 4, 2023
නේෂන්ස් ට්රස්ට් බැංකු සමාගමේ පස්වැනි විශාලතම කොටස් හිමියා වූ ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමා ඇතැයි වාර්තා වේ. ඊයේ (03) දිනයේ දී මෙම කොටස් විකිණීම සිදුකර ඇත.
නේෂන්ස් ට්රස්ට් බැංකු සමාගමේ නිකුත් කළ කොටස් ප්රාග්ධනයෙන් 9.70% ක් හෙවත් කොටස් 25,250,730 අයත්ව තිබුණේ ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමටයි. මෙම කොටස් ප්රමාණය එක් කොටසක් රු. 54.00 බැගින් විකුණා දමා ඇති අතර මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.36 ක් වේ.
ජනශක්ති ඉන්ෂුවරන්ස් සම්පූර්ණයෙන්ම සිය නේෂන්ස් ට්රස්ට් කොටස් හිමිකාරීත්වය අත්හැරියා ද නැතිනම් මෙය ජනශක්ති සමූහය තුළ සමාගම් අතර සිදුවූ අන්තර් ගනුදෙනුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
Video Story