February, 20, 2023
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත වන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මේ වනවිට මෙම දරුවන්ට ආහාරපාන, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකවරණය තහවුරු කිරීම සඳහා විශේෂ මානුෂීය ආධාර වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙහි එක් පියවරක් වශයෙන්, සිය ළමා ගම්මාන පිහිටා ඇති දිස්ත්‍රික්ක 9 ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එක් වී, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන සහ හවුල්කාර ආයතන වලද සහයෝගය ඇතිව, අදාළ දිස්ත්‍රික්ක තුළ සහය අවශ්‍ය දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පියවර ගෙන තිබේ. තමන්ට ලැබෙන සියලුම ජාත්‍යන්තර ආධාර මෙම මානුෂීය ආධාර වැඩසටහනට බැරකිරීමටද එම වැඩසටහන තීරණය කර ඇති අතර, එමඟින් රටේ පවුල් 3,000 කට අධික සංඛ්‍යාවක දරුවන් 10,000 කට පමණ සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල් සංඛ්‍යාව අවම කිරීම සහ දරුවන් අකාලයේ පාසල් අධ්‍යාපනය නිමා කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන ආරම්භ කර ඇති වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ.
සහය අවශ්‍ය දරුවන් සහ පවුල් වෙනුවෙන් මෙම සත්කාරය 2023 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමටත්, රටේ තත්ත්වය අනුව අවශ්‍ය නම් එය තවදුරටත් දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන බලාපොරොත්තු වෙයි. තවද, ගෘහ මූලිකයන්ට තම පවුල් වඩාත් හොඳින් රැකබලා ගැනීමට අත්වැලක් වන අතරම පොදුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා අර්බුදය අවම කිරීමට දායක වීමේ අරමුණින්, ඔවුන්ට රැකියා සොයාගැනීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට වැදගත් වන ආකාරයේ වෘත්තීය පුහුණුවක් ලබා දීමටද ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සැලසුම් කර ඇත.

මානුෂික සහය වැඩසටහනේ උපදේශිකා අර්ලීන් බාර්තලො මහත්මිය කහපොළ විද්‍යාලයේදී ආධාර බෙදාදෙමින්

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ තානාපති රොෂාන් මහානාම මහතා සහ එහි ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පිළියන්දල පිහිටි SOS ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී සිසු සිසුවියන් වෙත අධ්‍යාපන කට්ටල පරිත්‍යාග කළ අවස්ථාව

වෙස්ලි විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී, දීර්ඝකාලීන සිරකරුවන්ගේ දූ දරුවන් 400 දෙනෙකු සඳහා අධ්‍යාපනික උපකරණ ප්රදානය කළ අවස්ථාව. මෙම අවස්ථාවට මානුෂික සහය වැඩසටහනෙ උපදේශිකා අර්ලීන් බාර්තලො, කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති විල්හෙල්ම් වැන්ඩොට්, එම විද්‍යාලයේ විදුහල්පති අවංක ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි, එම වැඩසටහනේ තානාපති රොෂාන් මහානාම, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ නියෝජ්‍ය ජාතික අධ්යක්ෂ කීර්ති හෙට්ටිආරච්චි සහ ලංකා බන්ධනාගාර සහභාගීත්ව (ඇපකර) සමාගමේ සිවරාජසිංහම් ජෙයරාජ් සහෝදරතුමා ඇතුළු පිරිසක් එක්වූහ.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ව්‍යාපෘති අධ්යක්ෂ මුරලීන්ද්ර කුමාර් මහතා, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි SOS ළමා ගම්මානයේදී අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර බෙදාදුන් අවස්ථාව
ඡායාරූපය : ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා කහපොළ විද්‍යාලයේ දරුවෙකුට අධ්‍යාපන කට්ටලයක් පරිත්‍යාග කරමින්
Video Story