February, 21, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් විසින් සංවිධානය කළ සෞඛ්‍ය සේවාවන් හා විනෝදය එකට මුසු කළ නවමු ආකාරයේ ඉසව්වක් වන “Health Fiesta 2023” පෙබරවාරි මස 11 සහ 12 වැනි දින කොළඹ 06 පිහිටි ලංකා හොස්පිටල්ස් පරිශ්‍රයේදී පැවැත්වෙන ලදි.
“Health Fiesta 2023” වැඩසටහන සියලුම මහජනතාවට විවෘත වූ අතර ඊට සහභාගී වන්නන් හට වටිනා සේවාවන් රැසක් නොමිලේ ලබාගැනීමටත්, දිවයිනේ පෞද්ගලික රෝහලක් වෙතින් ලැබිය හැකි ඉහළම වට්ටම් සමඟ සේවාවන් ලබාගැනීමටත් අවස්ථාව උදා විය. මේ සියල්ල සිය පවුලම සමඟ විනෝදශීලී සති අන්තයක් ගත කරන අතරතුර ලබාගත හැකි වීම විශේෂයකි.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම දෙනාට නොමිලේ ලබා ගත හැකි සේවාවන් අතරට ඊ.සී.ජී. පරීක්ෂණ (ECG), මේද පරීක්ෂණ (body Fat Analysis), අහඹු ලෙස සිදු කරන රුධිරයේ සීනි පරීක්ෂාව (Random Blood Sugar Test), BMI, දෘෂ්ටි පරීක්ෂණ, වෛද්‍ය උපදෙස්, පෝෂණ සහ භෞතචිකිත්සක උපදෙස් ද ඇතුළත් විය.
දිවයිනේ හොඳම වෛද්‍යවරුන් සහ සුවසේවා වෘත්තිකයින් පිරිසක් “Health Fiesta 2023” හිදී සේවාවන් සැපයීම සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අයට ඉදිරියේදී ලංකා හොස්පිටල්ස් හරහා ලබාගැනීමට අපේක්ෂා කරන සේවාවන් සඳහා දැවැන්ත වට්ටම් ලබාදීමට ද කටයුතු යොදා ඇත.
“වර්තමානයේදී ලොකු කුඩා අපි සියලු දෙනාම කාර්යබහුල ජීවන රටාවන් නිසා අපේ සෞඛ්‍යය සම්බන්ධ කරුණු ගැන යොමු කරන්නේ අඩු අවධානයක්. කුඩා දරුවන් ද සමඟ පවුලකට විනෝදය පිරුණු සති අන්තයක් ගත කරන අතර සියලු දෙනාගේම සෞඛ්‍යමය තත්ත්වය ගැන පරීක්ෂා කරගැනීමටත් අවස්ථාව නිර්මාණය කරන Health Fiesta වැනි වැඩසටහනක් ඉතා වැදගත් වන්නේ ඒ නිසයි. 11 සහ 12 දෙදින ලංකා හොස්පිටල්ස් පරිශ්‍රයේ පැවැති “Health Fiesta 2023” වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට මේ ප්රතිලාභ අත්විඳීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් පී.එල්.සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.
පවුලේ සැමට උචිත විනෝදාත්මක ඉසව්වක් වශයෙන් සංවිධානය කර ඇති “Health Fiesta 2023” වැඩසටහන කුඩා දූ දරුවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් සහ සියලු දෙනාට ප්‍රණීත ආහාර පාන රසවිඳිය හැකි Food Festival ඉසව්වක් ද සමඟින් වර්ණවත් විය.
ලංකා හොස්පිටල්හි නියෝජ්‍ය විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “ “Health Fiesta 2023” වැඩසටහන සැබැවින්ම නවමු ආකාරයේ අත්දැකීමක් වන්නේ කාර්යබහුල ඔබේ සති අන්තය විනෝදයෙන් මෙන්ම ප්‍රයෝජනවත් අයුරින් ගත කිරීමට අවස්ථාවක් නිර්මාණය කරන නිසායි. පෙබරවාරි 11 සහ 12 සති අන්තයේ අප සමඟ එක්ව මතකයේ රැඳෙන සති අන්තයක් ගත කරන්නට හැකි වීම ගැන අප සතුටට පත් වන අතර ඉදිරියේදිත් අප පවත්වන මෙවැනි වැඩසටහන්වලට සහභාගි වන ලෙස අප ආරාධනා කර සිටිනවා.”
ලංකා හොස්පිටල්ස් සිය උසස් සෞඛ්‍ය සේවා ප්‍රමිතිය වෙනුවෙන් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීම් දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලකි. Joint Commission International (JCI) - 7th Edition සහතිකකරණය, Medical Travel Quality Alliance (MTQUA) වෙතින් ලබා දෙන ලොව පිළිගත් වෛද්‍ය සංචරණ සහතිකකරණය ඒ අතරින් ප්රමුඛ සහතිකකරණ කිහිපයකි. එමෙන්ම ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් (LHD) ලොව කීර්තිමත් College of American Pathologists (CAP) වෙතින් පර්යේෂණාගාර සහතිකකරණය ලබා ඇති ශ්‍රී ලංකාවේ එකම පර්යේෂණාගාර සේවාවයි.

Video Story