රුසියාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවට

    February, 21, 2023

    රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු  ප්‍රමුඛ දූත පිරිසක් පසුගියදා (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද එක්ව සිටියේය.

    දැනට මෙරට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීම ඇතුළු ද්වීපාර්ශ්වික සබදතා වර්ධනය කිරීම  පිළිබඳව  මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස රුසියාව සිය සහය උපරිම වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ නැරඹුම් සංචාරයකද නිරත විය.

    මෙරට රුසියානු තානාපති කාර්යාලයේ, සංස්කෘතික අංශයේ  ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.