February, 22, 2023
රට රැකියා ලබා දෙන පවසමින් මුදල් තැන්පත් කරන්නැයි කරන ඉල්ලීම් බොහෝ දුරට වංචාවන් වීමට ඉඩ ඇති බවත්, නිසි පරීක්ෂාවකින් තොරව එසේ මුදල් තැන්පත් කිරීමෙන් වළකින් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අනතුරු අඟවා සිටී.
මේ අතර මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිල කරන ලෙස හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තා කරන ලෙස ද මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.





Video Story