Rich Look Shop and Win: වාසනාවන්ත පාරිභෝගිකයින් සඳහා දැන් මිලියන ගණනින් තෑගි

    March, 1, 2023

    පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය.

    ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා වලංගු වේ. ඕනෑම Rich Look අලෙවිසැලකින් රු. 5,000/- සහ ඊට වැඩි ඕනෑම මිලදීගැනීමක් සිදුකරන පාරිභෝගිකයන්ට කූපනයක් ලබා දෙන අතර එය පුරවා දිනුම් ඇදීමේ පෙට්ටියට දැමීම මගින් ඔවුන්ට මෙම දිනුම් ඇදීමට ඇතුළත්වීමට සුදුසුකම් ලැබේ.

    දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් 2023 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කෙරේ. දිනුම් ඇදීමේ මහා ත්‍යාගය පළමු ස්ථානය දිනා ගන්නා පාරිභෝගිකයාට පිරිනම රු. 1,000,000/- (රුපියල් මිලියනයක) මුදල් ත්‍යාගයක් වන අතර 2 වන ස්ථානය දිනා ගන්නා පාරිභෝගිකයාට රු. 500,000/- (රුපියල් ලක්‍ෂ පහක්) සහ 3 වන ස්ථානයට රු. 250,000/- (රුපියල් දෙලක්ෂ පනස් දහසක්) බැගින් හිමිවේ.

    Rich Look අලෙවිසැල් මහරගම (53, පරණ මහරගම පාර), මීගමුව (74, ග්‍රීන්ස් පාර), කළුතර (312, ගාලු පාර, දකුණු කළුතර), රත්නපුර (අංක 90/2, පොත්ගුල් විහාර මාවත) සහ කොට්ටාව (1128, 5 හයිලෙවල් පාර, පන්නිපිටිය) යන ප්‍රදේශයන්හි පිහිටා ඇත.