March, 7, 2023
අද (07) වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 153,500 ක් දක්වා පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර කැරට් 24 රන් පවුමක මිලද රු. 166,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා (04) වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 157,500 ක් සහ කැරට් 24 රන් පවුමක මිල රු. 170,000 ක් ලෙසින් වාර්තා වුණි.
දේශීය විදේශී විනිමය වෙළෙඳපොළෙහි ශ්රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුකොට ගෙන මේ වන විට එක්සත් ජනපද ඩොලරයක මිල ක්රමයෙන් පහළ ගොස් තිබේ. මේ හේතුවෙන් මෙරට රත්රං මිල ද මෙලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Video Story