චීන ලියුම

    March, 8, 2023

    චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.