March, 8, 2023
ඩේල්මේජ් ෆොර්සයිත් සමාගම විසින් සිය විවිධාංගිකරණය වු නිෂ්පාදන එකතුවට නවතම නිෂ්පාදනයක් එක් කරමින් LED විදුලි බල්බ “ඩේල්මේජ්” සන්නාමය යටතේ මුල් වරට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හදුන්වා දිමට පියවර ගෙන ඇත.
දිනෙන් දින ඉහළ යන විදුලි බිලට කාලීන විසදුමක් සහ කාර්යක්ෂම ආලෝක ප්‍රභවයක් ලෙස, මෙම ඩේල්මේජ් LED විදුලි බල්බය වෙළෙඳ පොළට හදුන්වා දිමට පියවර ගත්බව, Delmege Lifestyle හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්රසාන්ත සෙනරත් මහතා සදහන් කළේය.
“වොට් (W ) 5 LED බල්බයක් වොට් (W) 60 සාමාන්‍ය විදුලි බුබුලකට සමානයි” බල්බයේ දිශානුගත ස්වභාවය ගෘහ හා වාණිජ භාවිතය යන දෙකටම එය වඩාත් සුදුසු බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
මෙම LED විදුලි බල්බ වසර 2ක නිෂ්පාදන වගකීමක් සහිතය. බල්බ Warm White සහ Daylight යන දෙයාකාරයෙන්ම ලබා ගත හැකි අතර ඒවා Pin සහ Screw යන වර්ග දෙකෙන්මද වෙළෙඳ පොළට නිකුත් කර ඇත.
ආලෝක විමෝචක ඩයෝඩයක් (LED) යනු අර්ධ සන්නායක භාවිතයෙන් සෑදුනු ආලෝක ප්‍රභවයකි. විවිධ ආකාරයේ උපකරණ වල දර්ශක ලෙස මේවා භාවිතා කරනු ලබන අතර මේවා ආලෝකකරණය සඳහා යොදාගැනීම දැන් ලොව පුරා බහුලව සිදු කරමින් පවති.
LED බල්බයේ වැදගත්කම වන්නේ එය 90% දක්වා හෝ ඊට වැඩ් ප්‍රමාණයකට සාමාන්‍ය විදුලි බල්බයන්ට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කිරිමයි.
Delmege සමාගමේ අධ්‍යක්ෂක නිලන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ ,"දිනෙන් දින ඉහළ යන විදුලි බිල පිළිබඳව පාරිභෝගිකයින් ඉතා දැනුවත්ව සිටින අතර ඒ අනුව Delmege LED බල්බය විදුලි බිල අඩු කිරීමට කදිම විසදුමක් " බවයි. LED බල්බය දිගු බල්බ ආයු කාලයක් ඇති බවත්, විෂ රසායනික ද්‍රව්‍ය හා හානිකර වායු වලින් තොර බැවින් සමස්තයක් ලෙස වඩා හොඳ සහ ආරක්ෂිත ආලෝක ප්‍රභවයක් බවත් ඔහු පැවසීය.
LED බල්බයේ සාමාන්‍ය ආයු කාලය පැය 50,000ක් ලෙස ගණන් බලා ඇති අතර එය සාමාන්‍ය විදුලි බල්බයකට වඩා 50 ගුණයක දිගු ආයු කාලයක් වන අතර CFL බල්බ වලට වඩා 8-10 ගුණයකින්ද දිගු වේ.
Delmege හි මෙම නව මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් Vallibel One (Holding company of Delmege Ltd) හි කළමනාකාර අධ්යක්ෂ සහ Delmege Ltd හි කළමනාකාර අධ්යක්ෂ දිනුෂා භාස්කරන් මහත්මිය පැවසුවේ, "Delmege සන්නාමය යටතේ ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන දේශිය වෙළෙඳ පොලට නිකුත් කිරිමේ තවත් එක් අවස්ථාවක් ලෙස මෙම Delmege LED විදුලි බල්බ වෙළෙඳ පොළට හදුන්වා දිම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා,” යන්නයි.
ඩේල්මේජ් ෆොර්සායිත් යනු වසර 150 කට වඩා පැරණි විවිධ නිෂ්පාදන හා ආයෝජන ක්ෂේත්රවල ස්වකිය ව්‍යාපාරික කටයුතු වල නියුතු කිර්තිමත් ව්‍යාපාර සමුහයකි.
Video Story