ගැනුම් මිල රු. 305 යි. බැංකුවලින් ඩොලර් ගන්න-විකුණන මිල ගණන් මෙන්න

    March, 9, 2023

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් අද (09) දිනය සඳහා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබුණි.

    ඒ අනුව බැංකු කිහිපයකම විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 305 ක් දක්වා පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

    එමෙන්ම විකුණුම් මිල ද රු. 325 ක් දක්වා පමළ ගොස් තිබුණි.

    ඒ අනුව අද (09) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු.305.00 - රු. 325.00

    මහජන බැංකුව - රු. 305.32 - රු. 324.67

    සම්පත් බැංකුව - රු. 308.00 - රු. 323.00

    කොමර්ෂල් බැංකුව - රු. 312.00 - රු. 328.00

    HNB - රු. 308.00 - රු. 323.00

    සෙලාන් බැංකුව - රු. 308.00 - රු.325.00

    DFCC - රු. 308.00 - 328.00

    NDB - රු. 305.00 - රු. 325.00

    අමානා බැංකුව - රු. 307.50 - රු. 322.50