March, 14, 2023
පසුගිය 2023 මාර්තු 09 වෙනි බ්රහස්පතින්දා දිනයේ දී මෙරට උපරිම විදුලි ඉල්ලුම මෙගා වොට් 2,315.30 ක් බව ලංකා විදුලිබල මණ්ඩලය උපුටා දක්වමින් ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය මෙම වසරේ තනි දිනක් තුල උපරිම විදුලි ඉල්ලුමෙහි වාර්තා වී ඇති ඉහළම අගය වේ.
එසේම මාර්තු 09 වැනි දින මෙරට මුළු විදුලි උත්පාදනය ගිගා වොට් පැය 44.98 ක් ලෙසින් වාර්තා වේ.
එය ද මෙම වසරේ තනි දිනක් තුළ මේ දක්වා වර්තා වී ඇති ඉහළම විදුලි උත්පාදන අගය වේ.
පසුගිය පෙබරවාරි 16 දින සිය එතෙක් දෛනිකව ක්රියාත්මක වූ විදුලි කප්පාදුව නවතා දමන ලදී.
එසේම විදුලි ගාස්තු ඉහළ නැංවීම ද පසුගිය මස අවසානයේ සිට ක්රියාවට නැංවුණි.


Video Story