ඩොලරය යළි නගී. ගැනුම් 320 යි විකුණුම් 340 යි

    March, 14, 2023

    අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    එහිදී ඩොලරයක ගැනුම් මිල රු. 320 සීමාව දක්වා පැමිණෙද්දී විකුණුම් මිල රු. 340 සීමාව කරා පැමිණ ඇති බව දක්නට ලැබුණි.

    ඒ අනුව අද (14) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු. 320.00 - රු. 340.00

    සම්පත් බැංකුව - රු. 320.00 - රු. 335.00

    කොමර්ෂල් බැංකුව - රු. 324.00 - රු. 336.00

    HNB - රු. 320.00 - රු. 335.00

    සෙලාන් බැංකුව - රු. 320.00 - රු. 336.00

    DFCC - රු. 320.00 - රු. 340.00

    NDB - රු. 320.00 - රු. 335.00

    අමානා බැංකුව - රු. 327.50 - රු. 342.50