March, 15, 2023
ආයෝජන ගැටළු නිරාකරණය කිරීමේ දෙවැනි සැසිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන පහසුකම් මධ්‍යස්ථානයේදී (IFC) පසුගියදා පැවතුණි. මෙහිදි ක්ෂේත්‍ර කිහිපයක පැවති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග ඇමතිවරයා විසින් අදාල නිලධාරීන් හට ලබා දෙන ලදී.
මත්ස්‍ය ආහාර සැකසුම් සහ නිශ්පාදන අංශ වලට අදාල ගැටළු මෙහිදි සාකච්ඡාවට බදුන් විය. මෙම ගැටළු සදහා ඒ මෙහොතේදිම සමගාමී අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදාල ආයෝජකයන් හට පිලිතුරු ලබාදීමට හැකි විය.
මෙම අවස්ථාවේදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ BOI ආයතනය අනෙකුත් සමගාමී අමාත්‍යාංශ සම නියෝජිත ආයතනත් එකතුව කටයුතු කිරීම හා කඩිනම් විසදුම් ලබාදීම ශ්‍රි ලංකාව වෙත විදේශ සෘජු ආයෝජන ගෙනඒමේ පරිසරය නිර්මාණය කිරිමට මනා රුකුලක් වන බවය.
මේ අතර, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවේ, ආයෝජකයන් හට පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේ මුලික අරමුණ වන්නේ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණයෙන් ආයෝජකයන් එක් තැනකදී එම ගැටළු නිරාකරණය කර ගැනීම බවය. මෙම අවස්ථාවේදී ක්ෂේත්‍ර කිහිපයක් මුල් කොටගෙන ආයෝජකයන් හතර දෙනෙකුගේ ගැටළු නිරාකරණය කිරීම, ආයෝජකයන් හට පහසුකම් සැපයිමේ මධ්‍යස්ථානයේ (IFC) ඇති වටිනාකම තවදුරටත් තහවුරු වන බවත් මෙමගින් ආයෝජකයන් අපරට තුල ව්‍යාපාර කිරීමේදී අවශ්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු වන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය පැවසීය.
Video Story