March, 15, 2023
එක්සත් ජනපද ඩොලරයක අද (15) දිනයේ දී ගැනුම් මිල රු. 327.59 ක් බවත් විකුණුම් මිල රු. 344.66 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය රු. 327.06 ක් ලෙසින් දක්වා ඇත.
එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී දේශීය අන්තර්-බැංකු විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ත සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වන බැවින් අද දිනයට අදාල මෙම වටිනාකම මීට ඉහළ අගයයක් ගනු ඇත.
මේ අතර අද (15) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල තවත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි වේ.
එහිදී ඩොලරයක ගැනුම් මිල රු. 326 - රු. 330 සීමාව දක්වා පැමිණෙද්දී විකුණුම් මිල රු. 345 සීමාව කරා පැමිණ ඇති බව දක්නට ලැබුණි.
ඒ අනුව අද (15) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 326.00 - රු. 344.00
සම්පත් බැංකුව - රු. 330.00 - රු. 345.00
කොමර්ෂල් බැංකුව - රු. 330.00 - රු. 345.00
HNB - රු. 327.00 - රු. 342.00
NDB - රු. 327.00 - රු. 345.00
අමානා බැංකුව - රු. 329.50 - රු. 344.50

Video Story