March, 20, 2023
Business World International Organization විසින් සංවිධානය කරන ලද BWIO USA ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයේදී TSR ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම වසරේ Most Emerging Company of the Year ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එසේම පසුගියදා පැවැති CEO Sri Lanka සම්මාන උලෙළේදී Most Reliable Digital Printing Solution Partner සම්මානය දිනා ගැනීමටද TSR ටෙක්නොලොජීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි රොෂාන් රාජපක්ෂ මහතා සමත්විය.
“මෙම සම්මාන දිනා ගැනීමට දායක වූ අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමනවා. TSR වෙළෙඳ නාමය පිළිබඳව ඔවුන් තැබු විශ්වාසය අපව ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ප්‍රබල හේතුවක් වුණා. පාරිභෝගිකයන් උපරිම ලෙස තෘප්තිමත් කිරීමට කැප වූ අපගේ කාර්ය මණ්ඩලයද මේ සදහා දායක වුණා. ‘වගකීමක් සහිතයි’ යන තේමාව ඔස්සේ ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම අපගේ සුවිශේෂත්වයයි.” රොෂාන් රාජපක්ෂ මහතා පැවසීය. TSR ටෙක්නොලොජීස් සමාගම මාලදිවයින, පැපුවානිව්ගිනියාව, ඉන්දියාව වැනි රටවලටත් මුද්‍රණ යන්ත්‍ර සපයයි. කුඩා මුද්‍රණකරුවාගේ සිට විශාල මුද්‍රණකරුවා දක්වා සේවා සැපයීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වීම, මුද්‍රණ හෙඩ් සඳහා වසරක වගකීමක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම සේවා සපයන්නා වීම, සියලුම මුද්‍රණ කර්මාන්ත සදහා ඩිජිටල් මුද්‍රණ විසඳුම් සැපයීම, CTP හා CTF ඩිජිටල් පෙර මුද්‍රණ යන්ත්‍ර, PAD මුද්‍රණ යන්ත්‍ර, ඇඟළුම් සඳහා ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු ඩිජිටල් මුද්‍රණ විසදුම් සදහා වන යන්ත්‍ර ආනයනය කිරීම, අලෙවිය, අලෙවියෙන් පසු සේවා සැපයීම TSR ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ විශේෂතා අතරට අයත්ය.
Video Story