රාජස්ථාන් රෝයල්ස් වියස්කාන්ත්ට එන්න කියයි

    March, 21, 2023

    LPL ක්‍රිකට් තරඟාවලිය හරහා මෙරට නැගී එන ක්‍රිකට් තරුවක් වූ බවට පත් වූ විජයකාන්ත් වියස්කාන්ත් හට තම පිලේ සහාය පන්දු යවන්නෙකු (Net bowler) ලෙස එක්වන ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල විසින් ආරාධනා කර ඇත.

    විජයකාන්ත් වියස්කාන්ත්, LPL ක්‍රිකට් තරඟ මාලාවේ දී Jaffna කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

    මෙතෙක් පැවති LPL ක්‍රිකට් තරඟාවලි තුනේදීම ශූරතාවය දිනා ගැනීමට Jaffna කණ්ඩායම සමත් වූ අතර එම අවස්ථා දෙකේදීම කණ්ඩාම වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබා දීමට ඔහු සමත්වුණි.

    රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් පිල IPL ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශූරතාවය දිනා ගැනීමට සමත් වූ කණ්ඩායම වේ. ඒ 2008 වසරේ දීය.

    ඉන්පසු ඔවුන් පළමු වරට පසුගිය 2022 තරඟමාලාවේ දී අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූව ද එහිදී ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.