CSE ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට එළඹෙයි

    March, 27, 2023

    අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, වැඩි වශයෙන් කාර්මික ක්ෂේත්රයේ හවුල්කරුවන් සහිත ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.” -   උපකුලපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

    “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින  ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්වේ.” ප්රධාන විධායක නිළධාරී - කොළඹ කොටස් හුවමාරුව

    උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව මෑතකදි ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

    අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක උපායමාර්ගික මුලපිරීම් ගණනාවක් මත එක්ව වැඩකිරීමෙන් උපාධි අපේක්ෂකයින් අතර ප්‍රාග්ධන වෙළඳපල අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතා ගිවිසුම යෝජනා කරයි. ඒ අනුව, මෙමගින්, කොළඹ කොටස් හුවමාරුව සමඟ ගණකාධිකරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ආශ්‍රිත උපාධි වැඩසටහන්වල නියැලී සිටින ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව සහ සීමාවාසික අවස්ථාවන්  ලබා දෙනු ඇත.

    තවද, අවබෝධතා ගිවිසුමේ නියමයන් යටතේ, කොළඹ කොටස් හුවමාරුව  විසින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ විශේෂවේදී උපාධි  වැඩසටහනේ ශ්‍රේණි ලකුණු සාමාන්‍යයේ ඉහළම අගය (“GPA”) ලබා ගන්නා ශිෂ්‍යයාට සම්මානයක් ලබා දෙනු ඇත.

    රට පුරා සිටින ආයෝජකයින් අතර  ප්රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්රවර්ධනය කිරීම පිණිස කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ සහ වැඩමුළු සඳහා , ප්රවිණයන් සහ සම්පත් දායකයින් ලබා දෙමින්, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය කොළඹ කොටස් හුවමාරුවෙහි දැනට ක්රියාත්මක අධ්යාපනික වැඩසටහන්, මූල්ය වෙළඳපොල පිළිබඳ උසස් ඩිප්ලෝමාව (ADFM) මෙන්ම ඉදිරි අධ්යාපන ක්රියාකාරකම් සමඟ ද සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සන්නද්ධ ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් වන අතර  මෙම අරමුණ පෙර දැරීම, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තිරසාර වර්ධනය සඳහා මූල්‍ය සාක්ෂරතාවයෙන් යුත් උපාධි අපේක්ෂකයින් පිරිසක් ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී මුලපිරීම් මාලාවක් සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමුයන්නයි.

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ද අදහස් දක්වමින්, දෙපාර්ශවයටම වැඩි අවස්ථා ගෙන ඒම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට ස්තුතිය පළ කළේය.

    එය ඇත්ත වශයෙන්ම අපගේ ප්රායෝගික දැනුම බෙදා ගැනීමට මෙන්ම කොළඹ කොටස් හුවමාරුව වැනි වටිනා සමාගමක් සමඟ කාර්මික වශයෙන් අන්තර් සම්බන්ධතා වැඩිකර ගැනීමට අපට උපකාරී වේ. ඔබ ආයතනය අපගේ අධ්යන, අනධ්යන කාර්ය මණ්ඩල හා උපාධි අපේක්ෂකයින් සඳහා ලබාදෙන අවස්ථාවන් විශ්වවිද්යලයට ධනාත්මක ප්රතිඵලයන් ලබාදෙනු ඇතැයි මා සත්ය ලෙසම විශ්වාස කරමි

    උපාධි අපේක්ෂක සිසුන්ගේ අන්තර් සම්බන්ධතා ඉහළ නැංවීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි හි අරමුණු ඉතා වැදගත් බව ද මහාචාර්ය රත්නසේකර අවධාරණය කළේය. “තවද, අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, තවත් කාර්මික හවුල්කරුවන් සමඟ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරමියැයි ඔහු ප්රකාශ කළේය.

     

    ඡායාරූපය : L-R : නිරෝෂන් විජේසුන්දර මහතා, CSE ජ්යෙෂ්ඨ උප සභාපති- අලෙවිකරණය සහ මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ උපකුලපති

    Video Story

    Stock Market

    Exchange Rates