මාර්ග නඩත්තු අරමුදලක්

    March, 28, 2023

    2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 100ක ආරම්භක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට ද යෝජනා කරන ලදී.
    එම අරමුදල ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත පැවරී ඇත.
    ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, යෝජිත අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.