මේ අවුරුදු සමය සතුටින් සමරනු වස් සම්පත්කාඩ්ස් අසමසම වට්ටම් හිමිකර දෙයි

    March, 31, 2023

    හෙල සිරිතට මුල් තැන දෙමින් නෑ හිත මිතුරන් සමඟින් සෑම වසරකම මහත් ඉහළින් සමරන සිංහල - දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවරද අසමසම වට්ටම් සිය ගනුදෙනුකරුවන් වෙත ගෙන ඒමට සම්පත්කාඩ්ස් කටයුතු කර ඇත. වෙසෙසින්ම වගකීමෙන් යුත් තේරීමක් ලෙස සිය පාරිභෝගික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමේ අවස්ථාව නොපිරිහෙලා ලබා දී ඇති සම්පත්කාඩ්ස් මේ අවුරුදු සමයේදීද ‘පොහොසත් බැඳීම් සමුදායක්, සුබ අලුත් අවුරුද්දක් .. තේමාව කොට ගනිමින් නිදහසේ සතුටින් අවුරුදු අසිරිය බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබීම සම්පත් කාඩ්පත් හිමියන්ට සතුටට කරුණක් වනු නිසැකය.

    එහිදී දිවයින පුරා විසිරී සිටි හවුල්කාර අලෙවිසැල් රාශියක් සමඟ එක් වෙමින් තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගන්නා ඇඳුම් පැළඳුම් සඳහා 45%ක් දක්වාද, ආභරණ සඳහා 60%ක් දක්වා වට්ටම් සමඟින් පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම්ද, පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 25%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද, එසේම පොත් පත් සඳහා 25%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සම්පත්කාඩ්ස් තුළින් ලබා ගත හැකිය. සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කරදීමට කටයුතු යොදා ඇති සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී 40%ක් දක්වා වට්ටම්ද හිමි කර දීමටද සූදානම්ව සිටියි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් හට උදාකර ගත හැකිය.

    සම්පත්කාඩ්ස් වෙතින් ලබාදෙන මෙම සුවිශේෂී වට්ටම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා “ අප කාඩ්පත් හිමියන්ගේ බැඳීම්වලට වැඩිම වටිනාකමක් එක් කරන සම්පත්කාඩ්ස් මේ අලුත් අවුරුදු සමයේදී තමන්ගේත්, තම ආදරණීයයන්ගේත් අවශ්‍යතා වෙනුවෙන් සිදුකරන ගනුදෙනු උදෙසා දීමනා රැසක් හිමි කරදීමට ලැබීම ගැන ඉතාමත්ම සතුටට පත් වෙනවා. විශේෂයෙන් හවුල්කාර අලෙවිසැල් තුළින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා සඳහා දැරිය යුතු වියදම් අවම කිරීම උදෙසා වට්ටම් රාශියක් ලබා දීම තුළින් අඛණ්ඩව ගනුදෙනු කිරීමේ අවස්ථාව අප කාඩ්පත් හිමියන්ට උදාකර දී තිබෙනවා. සෑම විටම හොඳම දේ ලබා දීමට කටයුතු කර ඇති අප  සම්පත්කාඩ්ස්, බැඳීම් හා හිතවත්කම් අලුත් කර ගනිමින් සතුට විඳගැනීමට එක්වන ලෙස සියලු කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටිනවා” යනුවෙන් පවසා සිටින ලදී.

    උදාවන සිංහල - දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී Arienti, Beverley Street, Chamathkara, CIB, Cool Planet, Cotton Island, Crocodile, Dilliganz, Double XL, Emerald, Fashion Bug, Glitz, FIG, Hameedia, House of Fashion, Kadapatha, Mimosa, Mondy, Nolimit, Glitz, Spring & Summer සහ Under Armour යනාදී අලෙවිසැල් තුළින් 45%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව උදා කරදී ඇති සම්පත්කාඩ්ස් Nolimit සහ Glitz ‘වෙතින් ඇඳුම් මිලදී ගැනීමේදී ඩෙබිට්කාඩ් සඳහා 15%ක වට්ටමක්ද හිමිකර දීමට කටයුතු කර ඇත.

    තවද නව වසරේදී තමන් හෝ තම ආදරණීයයන් වෙනුවෙන් රන් භාණ්ඩ මිලදී ගැනීමට බලාපොරොත්තු වන සම්පත් කාඩ්පත් හිමියන් හට Abdeen Jewellers, Alankara Jewellers, Aminra, Arthur De Silva, Chamathka Jewellers, Diamond Dreams, Mallika Hemachandra Jewellers, Radella, Raja Jewellers, Ravi Jewellers, Tiesh හා Vogue Jewellers වෙතින් 60%ක් දක්වා වට්ටම් හිමිකර ගත හැකි අතරම මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීම් ක්‍රමයන් සලසා ගැනීමට හැකිවීමද ඉමහත් සහනයක් වනු ඇත.

    එසේම නව වසරේදී නවීන විලාසිතාවලින් යුත් පාවහන් මිලදී ගැනීම සඳහා Bata, DSI, DSI Premier, Genelle, Helanka හෝ K+ වෙත පිවිසෙන සම්පත් කාඩ්පත් හිමියන් හට 25%ක් දක්වා වට්ටම් හිමිකර ගත හැකි අතරම bag.lk, DLas International, Miniso සහ Wimaladharma Watches තුළින් තෑගි භාණ්ඩ හා ඔරලෝසු මිලදී ගැනීමේදීද 25%ක වට්ටම් හිමිකර ගැනීමට අවකාශ උදා වේ.

    එසේම තමන්ගේ දරුවන් වෙනුවෙන් ත්‍යාග හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී Arista, Cook Kids, Elaris, Kids Warehouse සහ Velona යන අලෙවිසැල් තුළින් 25%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව සළසා දී ඇති සම්පත් බැංකුව නව වසරේ නිවසේ අලංකරණය පිළිබඳ අවධානය යොමු කරන කාඩ්පත් හිමියන්ට Celcius, Comfort World, Dankotuwa, Homelux සහ Robbialiac තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 30%ක වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

    Abans, Arpico Furniture, Browns, Ceylon Furniture, Damro, Dialog, Dinapala,  Eser Marketing International,  Mike Audio, Seetha Holdings, Yamaha Music Centre ඇතුළු අලෙවිසැල් රැසකින් නිවසට අවශ්‍ය විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී සම්පත්කාඩ්ස් වෙතින් පොලී රහිතව මාස 24ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී ඇති සම්පත් බැංකුව Atlas.lk, Promateoworld.com සහ Samayawardhana Books වෙතින් පොත්පත් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට 25%ක වට්ටමක් හිමිකර දීමට කටයුතු කර ඇත්තේ විශාල ප්‍රතිලාභයක් අත්කර දෙමිනි.

    විශේෂයෙන් උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙකුත් සියලු පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා Arpico, Cargills, Glomark, Keells සහ Laugfs වෙත සපැමිණෙන සම්පත් කාඩ්පත් හිමියන්ට 25 %ක් දක්වා වට්ටම් ලබා ගැනීමට හැකි වන අතරම Cargills හිදී ගෙවිය යුතු සම්පූර්ණ බිල සඳහාද 10%ක  වට්ටමක් ලබා ගත හැකි වේ.

    ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි මිලදී ගැනීමට අපේක්ෂා කරන සම්පත් කාඩ්පත් හිමියන් වෙත DS Jayasinghe, Eagle Vision, Eric Rajapaksha, Life Vision සහ Wickramarachchi Opticians වෙතින් 40%ක් දක්වා සුවිසල් වට්ටමක් ලබා දෙන සම්පත් කාඩ්ස් උත්සව සමයේ එදිනෙදා වියදම්වලට අමතරව තවත් බොහෝ අවස්ථාවන් සඳහා සිය ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් අත්කර දීමට සමත්ව සිටී.

    ඒ අනුව අධ්‍යාපන ගෙවීම්, රෝහල් ගාස්තු මෙන්ම රථ වාහන සේවා සඳහා වන ගාස්තු ගෙවීමේදී වාරික වශයෙන් පහසු ගෙවීමේ අවස්ථාව සළසා දී ඇත්තේ කාඩ්පත් හිමියන්ට ඉමහත් අස්වැසිල්ලක් වෙමිනි. ඒ අනුව Associated Motorways, Access Motors, DIMO Autolab, KIA Automobile, Micro Cars, Pit & Drive, Stafford Motor Company, Toyota Lanka සහ United Motors වෙතින් රථ වාහනවලට අදාල සේවාවන් සපයා ගැනීමේදී මෙම ප්‍රතිලාභ අත් විඳිය හැකිය. ශ්‍රී ලංකාවේ ඕනෑම රක්ෂණ ආයතනයක් සමඟ සිදු කරන ගනුදෙනුහිදී  වාරික සැලසුම් යටතේ ගෙවීමේ පහසුවද මෙහිදී ඔවුන් වෙත ලැබෙන තවත් සුවිසල් වාසියක් වනු නිසැකය. 0112 300 604 ඇමතීම තුළින් අදාළ ගෙවීම් පහසු වාරික ගෙවීම් සැලසුම් බවට පත්කර ගැනීමට හැකියාව උදා වේ. ඊට අමතරව Toyota, Pit, Drive, Access Motors, The Pink Auto, Mahesh Motors Biyagama සහ McLubricants වෙතින් අමතර රථ වාහන සේවා වට්ටම් ද අත් විඳිය හැකිය.

    නව වසරේ සතුට තව තවත් ඉහළ නංවා ගනිමින් පවුලේ සමාජිකයින්, නෑදෑ හිත මිතුරන් සමඟ ජනප්‍රිය අවන්හලකදී සිදු කරන භෝජන සංග්‍රහයක් වෙනුවෙන් 20%ක් දක්වා වට්ටම් භුක්ති විඳීමේ අවස්ථාව සම්පත් කාඩ්පත් හිමියන් හට උදාකර දීමට කටයුතු කර ඇති සම්පත්කාඩ්ස් Allstar Sports Lounge, Botanik, Colombo Court Hotel Restauurants , at The Kingsbury restaurants, Flow by Hilton, Pranzo, Kobe සහ Thuna Paha at Waters Edge යන ස්ථානයන්හිදී 20%ත් වට්ටම් සහිතව ආහාර රස විඳීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ  Great Wall Restaurant, The Tuna & The Crab, Water’s Edge සහ තවත් ස්ථාන රැසකදීද සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව සහතික කරමිනි. එපමණක්ද නොව නිවසේ සිට PickMe සහ Uber Eats හරහා තමන් කැමති ආහාර පාන නිවසටම ගෙන්වා ගැනීමේදීද සම්පත්කාඩ්පත් හිමියන් හට තවත් බොහෝ ප්‍රතිලාභ අත් විඳිය හැකිය.

    Atlas, Catchme.lk cooplanet.lk, Daraz, Dsifootcandy.lk, Esentials.lk, Hemas e-store, Nolimit.lk, Promateworld.com, Protecta.lk සහ Takas.lk ඇතුළු ඔන්ලයින් වේදිකාවන් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදීද සම්පත් කාඩ්පත් හිමියන්ට අසමසම වට්ටම් හිමිකර ගත හැකිය.

    මේ සියළු ප්‍රතිලාභ 2023 අප්‍රේල් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.sampath.lk වෙබ් අඩවියෙන් හෝ 0112300 604 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

    ඡායාරූපය - සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා

    Video Story

    Stock Market

    Exchange Rates