April, 4, 2023
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමෙහි ආදායම් ඉපැයීම් ප්‍රශස්තකරණය සඳහා පරිගණක මෘදුකාංග විසඳුමක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ අනුව ලංසු 04ක් ලැබී තිබේ.
ආමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පදිරි සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම මිල ගණන් ඉදිරිපත් කල ලංසුකරු වන ඇමරිකා එක්සත් ජනපදයේ PROS, Inc සමාගම වෙත වසර 5ක කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 3,243,600කට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story