April, 4, 2023
මූලික වශයෙන් දෙහිවල ප්‍රදේශයේ 50,000ක් පමණ වන පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඉලක්ක කර සුහුරු මනුගත කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ් සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1,000කි.
මේ සඳහා යටිතල පහසුකම් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ ආරම්භ කිරීම ඳසහා ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 5ක් ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ලංසුකරු වන චීනයේ M/s Yantai Dongfang Wisdom Electric Co.Ltd වෙත රුපියල් මිලියන 937.91ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story