April, 4, 2023
නෙස්ලේ ලංකා සමාගමට අයත් මෙරට ජනප්‍රිය සන්නාම දෙකක් පසුගියදා පැවැති 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව දෙවැනි වසරටත් නෙස්කැෆේ සහ මැගී, පිළිවෙළින් වසරේ උණුසුම් පාන සන්නාමය සඳහාවන සම්මානය ද, වසරේ ස්නැක් සන්නාමය සඳහාවන සම ජයග්‍රහණය ද දිනාගත්හ. එමෙන්ම වසරේ කුළුබඩු සන්නාමය ලෙස ද සම ජයග්‍රහණයකින් පිදුම් ලැබීමට මැගී සමත් විය. අඛණ්ඩව 17 වැනි වරටත් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (ස්ලිම්) විසින් සංවිධානය කරන ලද මෙම ජනතා සම්මාන උළෙල, ශ්‍රී ලාංකික ජන හදවත්වලට සමීප සන්නාම සහ පුද්ගලයින්ට බුහුමන් දක්වන මෙරට වඩාත්ම සම්භාවනීය සම්මාන උළෙලක් ලෙස පිළිගැනේ.
100% පිරිසුදු කෝපි ඇටවල යහගුණය අඩංගු වූ නෙස්කැෆේ, ඊටම ආවේණික සුවිශේෂී සුවඳ සහ උසස් රසය නිසාවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ ජනාදරයට පාත්‍ර වූ පානයක් වන අතර, පාරිභෝගිකයන් දවස පුරා ප්‍රබෝධමත්ව තබයි. උසස්ම අමුද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනු ලබන මැගී යනු වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රියතම සන්නාමයකි. මැගී සන්නාමය යටතේ නූඩ්ල්ස් මෙන්ම පිටිකළ පොල්කිරි සහ කුළුබඩු නිෂ්පාදන පෙළක් ඇති අතර, පාරිභෝගිකයින්ට විවිධත්වයකින් යුතුව ඉවුම් පිහුම් සිදුකිරීමට ඉන් මනා සහායක් හිමිවේ.
″අඛණ්ඩව දෙවැනි වසරටත් ජනතා සම්මාන දිනාගැනීම තුළින් අපගේ සන්නාම කොතෙක් දුරට ශ්‍රී ලාංකිකයින්ට සමීප වී ඇත්ද යන්න තහවුරු කරයි. එමෙන්ම පවතින අභියෝගකාරී පරිසරය හමුවේ වුව ද පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම වෙනුවෙන් නෙස්කැෆේ සහ මැගී සන්නාම පසුපස සිටින කණ්ඩායම් දක්වන කැපවීමත් මෙම සම්මාන හරහා පිළිබිඹු වේ. මෙම සම්මාන පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙන අතරේ ඉදිරියටත් උසස් ගුණාත්මකබවින් යුතු නිෂ්පාදන පිරිනැමීමටත්, වසර 115කට අධික කාලයක් තුළ සිදුකළ අයුරින්ම අපගේ පාරිභෝගිකයින් ප්රමුඛ කරගනිමින් කටයුතු කිරීමටත් පියවර ගන්නෙමු. ඔවුන්ගේ ආදරය, විශ්වාසය සහ ළැබැඳියාව අපගේ සාර්ථකත්වයේ සුවිශේෂ සාධකයකි″, යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳ තම අදහස් බෙදාගනිමින් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා පැවසුවේය.
වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. 1906 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදුකරන නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 24,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.

Video Story