April, 6, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව එළඹෙන අප්‍රේල් 10 වන දින සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව එළඹෙන 10 වන සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර පස්වරු 2.30 ට කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.
මේ වන විට කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය ගනුදෙනු කාලය පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3කට සීමා වී තිබේ.
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 5ක් වූ අතර 2020 වසරේ දී කොවිඩ් වසංගතයත් සමඟ පැවති වාතාවරණය හමුවේ එය විටින් විට සංශෝධනය කෙරුණි.
ඒ අනුව මේ වන විට පැය 3ක්ව පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය මීළඟ වෙළෙඳපොළ දිනයේ සිට පැය 5ක් දක්වා දීර්ඝ වනු ඇත.
Video Story