අවුරුදු සමයේ කොමර්ෂල් බැංකුවෙන් ප්‍රේෂණ ලබාගන්නා සියළුම අයට සෞභාග්‍ය සංකේතවත් කරන ත්‍යාගයක්

    April, 6, 2023

    සිංහල සහ දෙමල අළුත් අවුරුද්ද සැමරීම නිමිත්තෙන් අප්‍රේල් 3 සිට 12 දක්වා දින වල කොමර්ෂල් බැංකු ශාඛාවකින් ප්‍රේෂණ මුදල් ලබා ගන්නා සියළුම ගැනුම්කරුවන්ට සෞභාග්‍ය හා සබැඳි ත්‍යාගයක් පිරිනැමීමට බැංකුව තීරණය කර ඇත.

    මේ අනුවල කොම්බෑන්ක් රෙමිට් ප්ලස්ල වෙස්ටන් යූනියන්ල මනිග‍්‍රෑම් හෝ රියා යන පේ‍්‍රෂණ සේවා හරහා මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට ඔවුන් කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන් නොවුවත්ල අවුරුදු කිරිබත් පිළියෙල කිරීම සඳහා ඉතා ඉහළ තත්ත්වයේ බාස්මතී සහල් පැකට්ටුවක් හිමි වන බව බැංකුව නිවේදනය කර තිබේග මෙම විශේෂ ප‍්‍රවර්ධනය දියත් කිරීම සංකේතවත් කිරීමට කිරිබත්ගොඩ ශාඛාවෙහි පැවති උත්සවයකට කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී S. ප‍්‍රභාගර් යන මහත්වරුන් සහ බැංකුවේ ආයතනික කළමණාකාරිත්වයේ නියෝජිතයින් කීපදෙනෙක් මෙන්ම පේ‍්‍රෂණ ලාභීන් පිරිසක් ද සහභාගී වූහ.

    මෙයට සමගාමීව මෙවැනි උත්සව කොමර්ෂල් බැංකුවේ යාපනයල ගාල්ල සහ කල්මුනේ ශාඛා වලද පැවැත්වින. ප්‍රේෂණ යවන්නා සහ ලාභියා අවුරුදු කෑම මේසය සමඟ සම්බන්ධ කිරීම මෙම විශේෂ ප‍්‍රවර්ධනයේ එක් පරමාර්ථයක් වන බව කොමර්ෂල් බැංකුව පවසයි. උත්සවයට පැමිණ සිටි ත්‍යාග ලාභීන්ට වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය සඳහා පැලයක් බැගින් ද බැංකුව විසින් ලබා දෙන ලදී.

     

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ කිරිබත්ගොඩ ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයේ අවස්ථාවකි.

    Video Story

    Stock Market

    Exchange Rates