BOI සහ Keonn Investments නව සුපිරි මහල් නිවාස ව්‍යාපෘතියකට අත්සන් කරයි

    April, 6, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහතික කිරීම ඔස්සේ නව ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. මෙම තත්වය හමුවේ සුපිරි බහුවිද ගොඩනැගිලි සහ නැවතී තිබු හෝටල් ඉදිකිරීම් නැවත ආරම්භ කොට ඇත.

    පසුගියදා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය හා Keonn Investment ආයතනයේ සුපිරි පන්තියේ මහල් නිවාස යෝජනා ක්‍රමයක් අනුමත කරන ලදී. මෙය කොළඹ 05 ජාවත්ත ප්‍රදේශයේ නො. 121 දරණ ස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කොට ඇත.

    මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී භාවය වනුයේ විශාල තට්ටු නිවාස ප්‍රමාණයක් ගොඩ නගනවා වෙනුවට අධික සුඛෝපභෝගී නිදන කාමර සහිත මහල් නිවාස 36ක් මෙහි ඉදිකිරීමයි. මෙය “121 Residencies” වශයෙන් නම් කොට ඇත.

    මෙම ව්‍යාපෘතියේදි ගොඩනගනු ලබන නිවාස ඒකක තුල ස්වාභාවික ආලෝකය සහ ස්වාභාවික පසුතලයක් නිරිමාණය කිරීමට මෙය නිර්මාණය කරන ලද වාස්තු විද්‍යාඥයන් උත්සහ කොට ඇත. මෙයට යොදා ගන්නා ලද වර්ණයන් සහ අමුද්‍රව්‍ය ආලෝකය රදවා ගැනීම සඳහා ක්‍රමාණුකූලව උපයෝගී කොට ඇති අතර වර්ණයන් සහ පැහැය අදාල නිවාස ඒකක තුලට සූර්යාලෝකය වැටීමේ තීව්රතාවය වැඩිකොට ඇත. සියලුම නිවාස ඒකකයක වාතාශ්‍රය හොදින් ලබාගන්නා ආකාරයෙන් වඩාත් තීව්ර වන ආකාරයේ නිර්මාණය කොට ඇත.

    මීට අමතරව නිවාස ඒකකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂයෙන් අවධානය යොමු කොට ඇති අතර මෙම තට්ටු නිවාසයේ ඉහල මාලයේ පදිංචිකරුවන්ට විනෝද අවස්ථා සලසා ඇති අතර පිහිණුම් තටාකයේ ඉහල මාලයේද තාක්ෂණික අංගවලින් සමන්විත වු කායවර්ධන මධ්‍යස්තානයක් පහත මහලයේ පිහිටා ඇත.

    මේ වන විට කොළඹ ප්‍රදේශය තුල නව ප්‍රවණතාවයක් ලෙස අඩු තට්ටු ප්‍රමාණයෙන් යුතු එනමුත් අති සුඛොපභෝගී හා ඉහල ආදායම් ඇති කණ්ඩායම් ඉලක්ක කොටගත් මෙවැනි තට්ටු නිවාස ව්‍යාපෘති ආරම්භ කොට ඇත. මෙමගින් කොළඹ නගරය තුල නවතම සුඛොපභෝගී තට්ටු නිවාස ව්‍යාපෘති බිහිවෙන ප්‍රදේශයක සැකසෙම්න් පවතී.
    මෙම ඉතා උස නොවු එනමුත් එයටම ආවේණික නිර්මාණයේ අද්වීතීය වු මෙවැනි නිවාස සංකීර්ණ ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ ආයෝජකයන්ට ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙනයාම සඳහා සුදුසු පරිසරයක් සකස් කරනු ඇත.

    එමගින් බොහෝ විදේශිකයන් බලාපොරොත්තු වන ජීවන රටාව ඔවුන්ට ලබාදෙන අතර එය ශ්‍රි ලංකාවට සෘජු ආයෝජන ගෙන ඒම සඳහා ශ්‍රි ලංකාව පිළිබද ප්‍රතිරූපය ලොවට පෙන්වීමට හොද ලකුණක් වනු ඇත.