April, 17, 2023
පසුගිය 2023 මාර්තු මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 453.06 ක් මිල දී ගත් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එසේම 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 287 ක් සහ ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 348.79 ක් මිල දී ගැනීමට ද මීට පෙර මහ බැංකුව කටයුතු කර තිබුණි.
ඒ අනුව 2023 මුල් මාස 03 තුළ දී ඩොලර් මිලියන 1,088.85 ක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර මෙම කාලය තුළ විකුණා ඇති ඩොලර් ප්රමාණය ඩොලර් මිලියන 226.17 කි.
සමස්තයක් ලෙස ගත් කල වසරේ මුල් කාර්තුව තුළ දී ශ්රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 862.68 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබේ.
Video Story