April, 18, 2023
2023 මැයි මස සිට වසරක කාලයක් සඳහා සංවර්ධන ලොතරැයි මන්ඩලය වෙත පරිගණකාශ්‍රීත දිනුම් පිණිස ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, සංවර්ධන වාසනාව, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා එක් එක් ලොතරැයි වර්ගය මත පදනම්ව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පහත සඳහන් පරිදි අදාළ ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story