කුලී-පොලී ආදායම් ඇත්නම්, වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම්, ඔබ ආදායම් බදු ගෙවීමට බැඳී සිටියි

    April, 20, 2023

    ඔබට ව්‍යාපාරයක් තිබේ නම් හෝ කුලී, පොලී වැනි ආයෝජන ආදායම් තිබේ නම් හෝ ඔබ රැකියාවක නියුක්තව සිටින්නේ නමු සහ ඔබගේ වාර්ෂික සමස්ත ආදායම රු. 1,200,000 ඉක්මවන්නේ නම්, ඔබ ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී.

    එහිදී ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම ඔබගේ වගකීමක් බවත්, හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.