තේ නෙළන රොබෝ

    April, 20, 2023

    චීනයේ සුප්රසිද්ධ Longjing තේ කොළ නිෂ්පාදනය කරන Hangzhou නගරයේ පිහිටි තේ වතු යායක තේ නෙළීමේ කටයුතු සඳහා රොබෝ කෙනෙකු භාවිත කිරීමට කටයුතු කර තිබේ.

    විවිධ ස්වරූප හඳුනා ගැනීමේ හා කෘත්රිම බුද්ධිමත් ගණන් කිරීමේ හැකියාව හිමි එම රොබෝවට තේ දළු නිවැරදිව නෙළිය හැකි බව සඳහන් වේ.

    විශේෂ සූර්ය බලශක්ති විදුලි තාක්ෂණය නිසා එම රොබෝවට පැය 24 පුරාම අඛණ්ඩව සේවය ලබා දිය හැකිය.

    විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර සිටී.