ජාතික උද්ධමනය 50න් පහළට

    April, 21, 2023

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 49.2% ක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.

    2023 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 53.6%ක් ලෙස වාර්තා විය.

    මෙලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 50% සීමාවෙන් මෙපිටට පැමිණ ඇත්තේ 2022 මැයි මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

    ජාතික පරිභෝගික මිල දර්ශකයේ 2013=100 වූ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මෙහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ සී 49.0% සිට 2023 මාර්තු මාසයේ දී 42.3% ක් දක්වා අඩු වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ දී 57.4% සිට 2023 මාර්තු මාසයේ දී 54.9%ක් දක්වා පහළ ගොස් තිබේ.