April, 24, 2023
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය පසුගියදා පැවැති INCO Premiere Industrial Exhibition 2023 සම්මාන ප්‍රදානයේදී Best Inquiries Management රන් සම්මානයෙන් පිදුම් ලැබීය. Institution of Incorporated Engineers Sri Lanka විසින් සංවිධානය කරන ලද INCO 2023 ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර එයට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයද සහභාගී විය.
කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් හා රිදී සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය.
රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඩ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, ඔටෝමැටික් බැරියස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන අතර වේ.
ත්‍රී සිංහ On Grid සහ Off Grid පරිසර හිතකාමී Solar System වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති අතර වසර 37ක වගකීම් කාලයක්ද ඒ සඳහා හිමි වේ.
ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස් කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනයට පිවිසෙමින් කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන ට්‍රැක්ටර් ට්‍රේලර්ස් මාදිලි රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එසේම ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස් සිපෙට්කෝ සහ IOC සමාගම්වල සම්මතවලට අනුව කර්මාන්ත ශාලාවල අවශ්‍යතා සඳහා නිපදවන ඩීසල් ටැංකි සඳහාද වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් පෙර සැකසූ වානේ ගොඩනැගිලි ඉදි කිරීමද ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රමුඛ ව්‍යාපාරයකි.
Video Story