NDB බැංකව වෙස්ටර්න් යුනියන් සමඟ ”සල්ලි රටින් – තෑගී අපෙන්” වැඩසටහන සමඟින් ප්‍රේෂණ ඉහළ නංවයි

    April, 25, 2023

    NDB බැංකුව විසින් නැවත වරක්  ”සල්ලි රටින් - තෑගී අපෙන්” වැඩසටහන යලි දියත් කරන ලද්දේ වෙස්ටර්න් යුනියන් (Western Union) හරහා විදේශ ප්‍රේෂණ ප‍්‍රවර්ධනය සහ ප‍්‍රචාරණය සඳහා ය. NDB බැංකුව හරහා සිදු කරනු ලබන වෙස්ටර්න් යුනියන් (Western Union) මුදල් ප්‍රේෂණය සඳහා කාර්ගිල්ස් සිලෝන් වෙතින් තෑගි වවුචර්පත් ලබා දීම සිදුකෙරේ. මෙම විශේෂ දීමනාව මේ උත්සව සමය හා සමගාමිව  2023 අපේ‍්‍රල් මස 30වන දින දක්වා සිදු කෙරේ.

    මහබැංකුවේ ලැයිස්තුගත බැංකුවක් හරහා විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමේ අරමුණින් භෘඊ බැංකුව විසින් මෙම ප්‍රේෂණ වැඩසටහන සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී ඇත. තවද, රට තුල පවතින කාලීන අවශ්‍යතාවයක් වන නිල විදේශ සංචිත ඉහළ නැංවීමට  ”සල්ලි රටින් - තෑගී අපෙන්” සමගින් වගකීම් දරණ බැංකුවක් ලෙස භෘඊ බැංකුව කාලෝචිතව කටයුතු සිදුකිරීමද මෙමගින් මානව පැහැදිලි වේ.

    මීට අමතරව, NDB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වෙස්ටර්න් යුනියන් (Western Union) හරහා එක් දුරකථන ඇමතුමකින් හෝ භෘඊ භෑධී හරහා පණිවිඩයක් යැවීමෙන් මුදල් ප්‍රේෂණයන් සිදු කිරීමේ ඉතාමත් පහසු සහ ආකර්ශනීය සේවාවක් හඳුන්වා දී ඇත.  ”සල්ලි රටින් - තෑගී අපෙන්” යටතේ දියත් කරනු ලැබූ මෙම දීමනාව මඟින් NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට කාර්ගිල්ස් සිලෝන් හී අනුබද්ධ අලෙවිසැල් වන  කාර්ගිල්ස් ෆුඞ් සිටි, බූක් සිටි, ෆුඞ් සිටි එක්ස්ප‍්‍රස් , කේ එෆ් සී ((KFC) , ටී ජී අයි ෆ‍්‍රයිඬේස්  (TGI FRIDAYS) සහ සිනමාශාලා වන රීගල් ,මැජෙස්ටික් සිටි , එම්පයර් වෙතින් රුපියල් 2,000 දක්වා වටිනා වවුචර්පත් ලබා දීම සිදුකරන අතර මෙම වවුචර්පත් ලබා දීම වෙස්ටර්න් යුනියන් (Western Union) හරහා සිදුවන මුදල් ප්‍රේෂණ වටිනාකම අනුව සිදුවේ.

    NDB බැංකුව මෙවැනිම ප‍්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළ දෙවන අවස්ථාව ලෙස මෙය සනිටුහන් කරයි, පළමු අවස්ථාව 2022 අවසාන කාර්තුවේදී සිදු වූ අතර එහිදී NDB වෙස්ටර්න් යුනියන් (Western Union) හරහා විදේශ ප්‍රේෂණ ලබාගත් පාරිභෝගිකයන් අතර රුපියල් මිලියන 1 ක දිරි දීමනා බෙදා දෙන ලදී. එම ප‍්‍රවර්ධන වැඩසටහන ඉතා සාර්ථක වූ අතර, විශේෂිත පාරිභෝගික කටයුතුවල සෘජු වර්ධනයක් දක්නට ලැබිණි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති ආයතනවලින් සිවුවන විශාලතම වාණිජ බැංකුව වේ. වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව අඛන්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ 2022 ආයතනික සම්මාන ප‍්‍රකාශනය වන LMD හි 2022 වසරේ වැඩිම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙස තේරී පත්විය. මීට අමතරව ග්ලෝබල් ෆිනෑන්ස් USA සහ Euromoney විසින් නම් කරන ලද 2022 වසරේ සම්මාන වැඩසටහන්වලදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස NDB තම නාමය සනිටුහන් කර ගන්නා ලදී. අමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් 2022 වසරේ හොඳම සේවා ස්ථාන 50 අතරින් එකක් ලෙස NDB නම් කරන ලදී. NDB බැංකුව ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ ආයතන වලින් සමන්විත NDB සමූහයේ මවු සමාගමයි. ඩිජිටල් බැංකු සේවා හරහා අර්ථවත් මූල්‍ය, උපදේශන සේවා මගින් ශ‍්‍රී ලාංකික ජාතිය සහ ජනතාව බලගැන්වීමට NDB බැංකුව නිරන්තරයෙන් කැප වී සිටියි.