April, 26, 2023
ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට විදේශ ණයකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, එම සාකච්ඡාවල දී අපට කොන්දේසි දැමිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ කොන්දේසි රහිතව සාකච්ඡාවලට යාම ශ්‍රී ලංකාවට පහසු බවයි.
එසේම මෙම තීරණ නිසා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (26) දින පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විදේශ ණයකරුවන් එක්ක දැන් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ දී ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැන් අන්තිම තීරණ අරගෙන නැහැ. ඒකයි අපේ රාජ්‍ය ඇමතිතුමාත්, මහ බැංකුවේ අධිපතිතුමාත් කිව්වේ, දැනට අපි තීරණ අරගෙන නැහැ.
ඒත් මේ ගැන සාකච්ඡා කරන කොට අපි තීරණ ගන්න ඕනේ. අපි කොන්දේසි දාලා සාකච්ඡාවට යන්න බැහැ. එහෙනං ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එයි. ඊට වඩා අපිට වාසියි මේ කොන්දේසි නැතුව සාකච්ඡාවලට යන්න.
ඒ නිසා විශේෂයෙන්ම මේක කරද්දී අපිට තියෙනවා හැම අංශයක් දිහාම බලන්න. ඒත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. කාටවත් මෙතනින් හානියක් වෙන්නේ නැහැ. සමහරු බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම කියන්නේ එහෙනං තමන් භාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා.
එක එක අය තුවක්කුවක් දාලා ඔළුවට කියන්න බැහැ, මේක කළොත් මේක කඩා වැටෙනවා. විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළේ කියනවා, කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා.
කඩා වැටුණොත් මම ඒක වහන්නං. එච්චරයි තියෙන්නේ.
මේගොල්ලන්ට ඇවිල්ලා දැන් කියන්න බැහැ, මේක හැදිලා එනකොට මේ කොන්දේසි, ඒ කොන්දේසි. ඒවා බැහැ.
අපි මෙතන තීරණය කරලා. පාර්ලිමේන්තුවට තීරණය කරලා, අපි කියන්නං මොකද කරන්න ඕනේ කියලා.
Video Story