April, 27, 2023
නව සභාපතිවරයා ලෙස පත් වූ ධම්මික ප්‍රනාන්දු මහතා ප්රමුඛ නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගම් සහ නව නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ කාර්යාලයට පැමිණ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා විසින්, අලුතින් පත් කරන ලද FTZMA සභාපතිවරයා සහ නිලධාරීන් පිළිගනු ලැබූ අතර ආයෝජන මණ්ඩලයට සහ කර්මාන්තයට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් FTZMA වෙත සිය කෘතඥතාව පළ කළේය. රැස්වීමේ අරමුණ වූයේ FTZMA සහ BOI සමඟ තවදුරටත් ව්‍යාපාර කිරීම සඳහා අනාගත උපායමාර්ගික පෙළගැස්ම සාකච්ඡා කිරීමයි.
පවතින පශ්චාත් IMF සාර්ව ආර්ථික වටපිටාවත් සමඟින්, FTZMA නිලධාරීන් රටේ නිදහස් වෙළඳ කලාපය තුළ ආයෝජකයින් සඳහා වඩා හොඳ ව්‍යාපාරික පරිසරයක් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න තවදුරටත් සාකච්ඡා කරයි. “Made in Sri Lanka” සන්නාමය සදහා බලපානු ලබන බලශක්ති පිරිවැය, බුද්ධි ගලනය සහ විකල්ප බලශක්ති විසඳුම් යන සන්දර්භය තුළ ගෝලීය සන්නාමයක් ලෙස එහි තරඟකාරිත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. BOI ඩිජිටල්කරණය හමුවේ CUSDEC (රේගු කටයුතු) මෙහෙයුම් ක්‍රියාවලිය කඩදාසි රහිත සේවාවන් තවදුරටත් ඉදිරියට ගෙන යන අතර, FTZMA වත්මන් උත්සාහයන් අගය කරමින්, BOI ඩිජිටල්කරණය තවදුරටත් ඉදිරියට ගෙන යාම තව දුරටත් අවධාරණය කරයි. දැනට පවතින BOI ආයෝජකයින්ගේ "නැවත ආයෝජනය කිරීමේ" නව උපායමාර්ගික මුලපිරීම, FTZMA විසින් තවදුරටත් ප්‍රති ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නව ක්‍රම සෙවීම යෝජනා කරන ලදී. කර්මාන්ත අංශයේ අනාගත තීරණ ගැනීම සඳහා විශාල දත්ත විශ්ලේෂණය (Big data Analysis) භාවිතා කිරීමද කාර්මීකරණ 4.0 (Industry 4.0) කලාප කළමණාකරනයේ දී යොදා ගැනීමේ වරදගත්කම සාකච්ඡා කරන ලද අතර නිදහස් වෙළඳ කලාප තුළ කර්මාන්ත දත්ත පදනමක් සංවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟ විය.
මෙම රැස්වීමේදී, ආයතනික බදු, කර්මාන්ත සම්බන්ධතා මාර්ගෝපදේශයන් ඒකාබද්ධව සකස් කිරීම, ගුවන් තොටුපලේදී ආයෝජකයින් සඳහා ප්‍රමුඛතා කවුන්ටර, ආයෝජක උපදේශක කමිටුවක් පිහිටුවීම සහ විශේෂයෙන් පාරසරික, සමාජ යහපාලන (ESG) දර්ශකයන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් මෝටර් රථ ආනයනය, ජංගම දුරකතන භාවිතා කරමින් විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යය තත්වයන් නීර්ණය කිරීම එමගින් පදිංචි වීසා ක්‍රියාවලිය කඩිනමින් ලබාදීම පිළිබදව සාකච්ඡා කරන ලදී.
Video Story