ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වාර්ෂික වාර්තාව නිකුත් කරයි

    April, 27, 2023

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (2023 අප්‍රේල් මස 27) දින පිළිගන්වන ලදී.

    භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්තික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ. ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන අචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්.ආර්. සී පත්බේරිය යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.